ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා "Fuel Price Shield" නමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට Coalition පක්ෂය යෝජනා කරනවා.
Angus Taylor පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මිල මිනුම් දර්ශකයක් වන Brent crude බොරතෙල් බැරලයක සති දෙකක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවන සෑම අවස්ථාවකම, ලීටරයකින් ශත 27 ක බද්දක් ස්වයංක්‍රීයව කැපෙන බවයි. දැනට Brent crude මිල ඩොලර් 103.87 සීමාවේ පවතින බැවින්, මෙම සහනය වහාම ක්‍රියාත්මක කළ හැකි අතර එමඟින් සාමාන්‍ය ඉන්ධන ටැංකියකින් ඩොලර් 15 ක මුදලක් ඉතිරි කරගත හැකි බව ඔහු සදහන් කළා.
එමෙන්ම tobacco excise බද්ද 80% කින් අඩු කිරීම හරහා ලැබෙන ඩොලර් බිලියන 8 ක ආදායමෙන් මෙම ඉන්ධන සහනය සඳහා සම්පූර්ණයෙන්ම මුදල් වෙන්කරන බවයි Angus Taylor වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත්, Treasurer Jim Chalmers මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙය ජනතාවගේ ඉන්ධන මිල අඩු කිරීමට වඩා One Nation පක්ෂයෙන් එල්ල වන දේශපාලන පීඩනයෙන් ගැලවීමට Coalition පක්ෂය ගත් උත්සාහයක් බවයි. එසේම මෙම සහනය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවද ඔහු චෝදනා කළා.



