Melbourne හි south-east ප්‍රදේශයේ පිහිටි Clayton දුම්රිය ස්ථානයේදී පොලිස් අත්අඩංගුවට ගත් 37 හැවිරිදි පුද්ගලයෙකු ස්වල්ප වේලාවකට පසු මියගොස් තිබෙනවා.
ඉරිදා පස්වරු 7:10 ට විතර පිහියක් අතැතිව කලබලකාරී ලෙස හැසිරුණු මෙම පුද්ගලයා, වේදිකාව අසල දුම්රිය මාර්ගයට පැමිණ ඇති අතර, ඒ සමගම දුම්රිය ධාවනය අත්හිටුවා ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක සේවා නිලධාරීන් එම ස්ථානයට පැමිණ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළා..
එහිදී එම පුද්ගලයා පිහියෙන් ඇනීමට ඉදිරියට පැමිණි අවස්ථාවේදී, ඔහුව පාලනය කිරීමට පිරිස මාරාන්තික නොවන උපක්‍රම භාවිතා කර තිබෙනවා. පසුව Critical Incident Response Team එම ස්ථානයට පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණද, ඊට සුළු මොහොතකට පසු ඔහු සිහිසුන් වී තිබෙනවා.
හදිසි වෛද්‍ය සේවා නිලධාරීන් වහාම ප්‍රථමාධාර ලබා දුන්නද ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් Homicide Squad එක මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙම සිදුවීමත් සමග Cranbourne සහ Pakenham මාර්ගවල දුම්රිය ධාවනය අත්හිටුවා Oakleigh සහ Westall අතර බස් රථ යෙදවීමට කටයුතු කර තිබෙනවා.



