ආරක්ෂිත හේතූන් මත ඕස්ට්‍රේලියා රාජ්‍යයේ රාජ්‍ය ආයතනවලින් ඉවත් කරන ලද Chinese CCTV කැමරා, මේ වන විට වෙනත් ආකාරයකින් Electric Vehicles (EVs) ඔස්සේ මෙරට වෙළඳපොළට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
පසුගිය 2023 වසරේදී Dahua Technology සමාගම නිෂ්පාදනය කළ කැමරා ඕස්ට්‍රේලියා රාජ්‍ය සහ ආරක්ෂිත පරිශ්‍රවලින් ඉවත් කිරීමට පියවර ගැනුණා. නමුත්, එම කැමරා නිෂ්පාදන සමාගම මේ වන විට Leapmotor යන brand එක යටතේ EVs නිෂ්පාදනයට යොමුව තිබෙනවා. 2024 වසරේදී ඕස්ට්‍රේලියා වෙළඳපොළට හඳුන්වා දුන් Leapmotor C10 මාදිලියේ රථවල 360-degree කැමරා පද්ධතියක් සහ මයික්‍රෆෝන ඇතුළත් වන අතර, ඉන් කිහිපයක්ම Dahua සමාගමේ නිෂ්පාදනයන් බවයි පැවසෙන්නේ.
හිටපු ජාතික Cyber Security උපදේශක Alastair MacGibbon මහතා පෙන්වා දෙන්නේ මෙවැනි වාහන ආරක්ෂිත රාජ්‍ය ආයතන අසල ගොඩනැඟිලිවල ගාල් කර තැබීමෙන්, නිලධාරීන්ගේ පැමිණීම්, පිටවීම් සහ කාර්යාල කාලසටහන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි.
Canberra හි ASIO ප්‍රධාන කාර්යාලය, Department of Defence සහ Australian Signals Directorate අසල පිහිටි රථගාලක තිබූ EVs 22 කින් අඩකට ආසන්න ප්‍රමාණයක් Chinese brands බවයි Four Corners පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.
UK ඇතුළු රටවල් කිහිපයක්ම ආරක්ෂිත හමුදා පරිශ්‍ර ආශ්‍රිතව Chinese EVs භාවිතය සීමා කර තිබෙනවා. 2021 වසරේදී China රාජ්‍යය විසින්ද Tesla රථ සිය ආරක්ෂිත හමුදා පරිශ්‍රයන්ට ඇතුළු කිරීම තහනම් කළා. Opposition Defence ප්‍රකාශක James Paterson මහතා ප්‍රකාශ කළේ, China රාජ්‍යය සිය රට තුළ ආරක්ෂිත අවදානමක් ලෙස දකින දෙය වෙනත් රටවල් සම්බන්ධයෙන්ද එකලෙස බලපැවැත්වෙන බවයි.
වාහන මෘදුකාංග (software) ඔස්සේ දුරස්ථව මයික්‍රෆෝන සහ කැමරා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්, මෙය ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ආරක්ෂක විශ්ලේෂකයින් වැඩිදුරටත් අවධාරණය කරනවා.



