Brisbane හි නැගෙනහිර Hemmant ප්‍රදේශයේ Anton මාර්ගයේ පිහිටි වාණිජ ස්ථානයක පැවැති ප්‍රවාහන කන්ටේනර් (shipping containers) ආශ්‍රිතව හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් පස්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ගින්නෙන් තුවාල ලැබූවන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය අතිශය බරපතල අතර, තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අනෙක් තිදෙනා දුමාරය ආග්‍රහණය වීම නිසා ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

ගින්න හටගන්නා අවස්ථාවේදී කන්ටේනර් පෙළ අතරින් විශාල ලෙස කළු දුමාරයක් පිටවී ඇති අතර, පසුව ගින්න අසල තිබූ අනෙකුත් කන්ටේනර් වෙත ද පැතිර ගොස් ඇති බව සඳහන්. ගින්න හටගැනීමට හේතුව හෝ කන්ටේනර් තුළ තිබූ ද්‍රව්‍ය මොනවාද යන්න පිළිබඳව බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ.