Regional Australia හි ප්‍රජා ශාලා, ක්‍රීඩා සමාජ සහ පුස්තකාල වැනි ජනතාව ඒකරාශී වන ස්ථාන වැසී යාම සහ අරමුදල් හිඟකම හේතුවෙන් එරට පිරිමි පාර්ශවය අතර තනිවීම සහ සාමාජික හුදකලාබව දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස ප්‍රදේශයේ පිරිමින් නැවත එකිනෙකා හා සම්බන්ධ කිරීම සඳහා "Tough Guy Book Club" නමැති විශේෂ පොත් කියවීමේ සමාජය ව්‍යාපාරයක් ලෙස සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙමගින් සෑම මාසයකම මුල් බදාදා දිනවල මත්පැන් හල් වැනි ස්ථානවලදී හමුවන පිරිමි පාර්ශවය, නවකතා සහ පොතපත කියවමින් ප්‍රජාවට වැදගත් මාතෘකා ඔස්සේ සංවාදවල නිරත වනවා.

සංඛ්‍යාලේඛනවලට අනුව Regional Australia හි වෙසෙන පිරිමින්ගෙන් 35% කට ආසන්න ප්‍රමාණයක් සමාජීය වශයෙන් හුදකලා වී ඇති අතර, Tough Guy Book Club වෙත දැනටමත් වයස අවුරුදු 19 ත් 97 ත් අතර සාමාජිකයින් 1,200 කට වැඩි පිරිසක් එකතු වී සිටිනවා. මෙම සංකල්පය සඳහා Regional Victoria සහ NSW ප්‍රදේශවලින් දැඩි ඉල්ලුමක් පවතින අතර, ඉදිරියේදී මෙය තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිතයි.