ඕස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර විනෝදාංශයක් ලෙස පොත් කියවීමේ ප්‍රවණතාව සීඝ්‍රයෙන් පහත බැස ඇති බවට අලුත්ම වාර්තා පෙන්වා දෙනවා.

University of South Australia මගින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 2019 වසරේදී විනෝදය සඳහා කිසිදා පොත් නොකියවූ ළමුන් ප්‍රතිශතය 10.8% ක් වූ අතර, එය 2022 වන විට 52.5% දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊට සාපේක්ෂව ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය 85% ඉක්මවා ඇති බවයි අනාවරණය වන්නේ.

මෙම තත්ත්වය හමුවේ Australia Reads සහ Australian Library and Information Association ඇතුළු සංවිධාන එකමුතුවෙන් රජයට බලකර සිටින්නේ පාසල් පුස්තකාලය ප්‍රමාණවත් ලෙස පවත්වාගෙන යාම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් වහා සකස් කරන ලෙසයි.

ළමුන් තුළ තාක්ෂණික කියවීම් හැකියාවට (Phonics) වඩා කියවීමේ රුචිය සහ ආසාව ඇති කිරීම මූලික විය යුතු බවත්, ඔවුන් කැමති ඕනෑම පොතක් කියවීමට උනන්දු කරවීම මගින් මෙම තත්ත්වය වෙනස් කළ හැකි බවත් අධ්‍යාපන විශේෂඥයින් පෙන්වා දෙනවා.