ඕස්ට්‍රේලියාවේ සමාජ ඒකාබද්ධතාවය නැවත ගොඩනැගීම සහ යුදෙව් විරෝධී මතවාද පාලනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන රාජකීය කොමිෂන් සභා පරීක්ෂණයේදී, විශේෂඥයින් සහ ප්‍රජා නායකයින් රැසක් අවධාරණය කරන්නේ පවතින ගැටලුකාරී තත්ත්වයෙන් මිදීමට වහාම පියවර ගත යුතු බවයි.
Bondi ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරම්භ කළ මෙම පරීක්ෂණයේ අවසන් අදියරේදී අනාවරණය වූයේ, සමාජ මාධ්‍ය හරහා මතවාද උග්‍රවීම, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය බිඳවැටීම, ජාතිවාදය සහ විවිධ ආගමික හා සංස්කෘතික කණ්ඩායම් අතර සබඳතා බිඳවැටීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි. Australian National University හි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය මගින් පතුරුවන අන්තවාදී මතවාද පාලනය නොකර යුදෙව් විරෝධය මැඩපැවැත්විය නොහැකි බවයි.
එමෙන්ම විදේශිකයන්ගේ වෘත්තීය සුදුසුකම් පිළිගැනීම, පාසල් විෂය මාලාව හරහා යුදෙව් සංස්කෘතිය පිළිබඳ නිසි අධ්‍යාපනයක් ලබාදීම සහ විවිධ අදහස් දැරීමට ඇති බිය නැති කිරීම වැනි යෝජනා රැසක් ද මෙහිදී ඉදිරිපත් වුණා. පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සහ Middle East ගැටුම් හමුවේ ඕස්ට්‍රේලියාවේ යුදෙව් සහ මුස්ලිම් ප්‍රජාව අතර පවතින සබඳතා සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇති බවයි වාර්තා වන්නේ.



