South Australia හි Beechport ප්‍රදේශයෙන් හමු වූ Long-nosed fur seal සතෙකු H5 Bird flu වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්ෂීරපායී සතෙකු කුරුළු උණ වැළඳීමෙන් මියගිය පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
ෆෙඩරල් කෘෂිකර්ම අමාත්‍ය Julie Collins ප්‍රකාශ කළේ, රෝගී වූ වනගත පක්ෂීන් සමග සෘජුව ගැටීම නිසා මෙම සතුන්ට වෛරසය ශරීරගත වන්නට ඇති බවයි. කුරුළු උණ ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල මෙවැනි සාගර ක්ෂීරපායී සතුන්ට වෛරසය වැළඳීම පුදුමයට කරුණක් නොවන බවත්, කෙසේ වෙතත් දැනට වෙනත් සාගර ක්ෂීරපායී සතුන් අතර මෙවැනි රෝග ලක්ෂණ වාර්තා වී නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.



