Bali හි Nusa Penida දූපතේ Kelingking වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටි ප්‍රපාතයකින් පහළට වැටීමෙන් 29 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සෙනසුරාදා උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර, ප්‍රපාතයේ සිරවී සිටි ඇය එකවරම පහළ වෙරළ තීරයට වැටී ඇති බවයි වාර්තා වන්නේ. Search and Rescue කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී ඇයව Griya Medica Clinic වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටියා.

Ped Village හි සංචාරක නවාතැන්පොළක නවාතැන්ගෙන සිටි මෙම කාන්තාව ප්‍රපාතයෙන් පහළට වැටුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් Indonesian බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.