Bali හි North Kuta ප්‍රදේශයේ විලා එකක ඇතුළුවන මාර්ගයේ අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ 27 හැවිරිදි ඕස්ට්‍රේලියානු සංචාරකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සෙනසුරාදා මෙම පුද්ගලයා සහ කාන්තාවක අදාළ ස්ථානයේ අශෝභන ලෙස හැසිරෙන අයුරු ප්‍රදේශවාසී කාන්තාවකට දැකගැනීමට ලැබී ඇති අතර, අසල තිබූ CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් මොහුව හඳුනාගෙන තිබෙනවා.
මොහු Brisbane බලා යන ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ අවස්ථාවේදී Gusti Ngurah Rai Airport හිදී පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් Badung Resort පොලිසිය මගින් ඉදිරි පරීක්ෂණ මෙහෙයවන අතර, අදාළ සිදුවීමට සම්බන්ධ අනෙක් විදේශික කාන්තාව සොයා පොලිසිය මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.



