ඕස්ට්‍රේලියාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ දැවැන්ත නීතිවිරෝධී දුම්කොළ ජාවාරමක් මැඩපැවැත්වීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ චීන බලධාරීන් එක්ව සමත්ව තිබෙනවා.
මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී චීනය තුළදී පුද්ගලයින් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඕස්ට්‍රේලියාවට යැවීමට සූදානම් කර තිබූ සිගරට් මිලියන 60කට වැඩි ප්‍රමාණයක් සහ දුම්කොළ 60kgක් බලධාරීන් භාරයට ගෙන තිබෙනවා. මෙහි වටිනාකම ඩොලර් මිලියන 92ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
අග්නිදිග ආසියාවේ නිෂ්පාදනය කෙරුණු මෙම නීතිවිරෝධී දුම්කොළ, Shanghai හරහා ඕස්ට්‍රේලියාවට යවන වෙනත් භාණ්ඩ අතර සඟවා ප්‍රවාහනය කිරීමට උත්සාහ කර තිබෙනවා. මෙය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සිදුකළ සාර්ථකම නීතිවිරෝධී දුම්කොළ වැටලීමක් ලෙසයි බලධාරීන් හඳුන්වා දෙන්නේ.



