2060 දශකය වන විට ඕස්ට්‍රේලියාවේ උපත් අනුපාතයට වඩා මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බව අලුත්ම Intergenerational Report (IGR) වාර්තාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, විදේශීය සංක්‍රමණිකයන්ගේ පැමිණීම නිසා 2065-66 වන විට මෙරට ජනගහනය මිලියන 39.3 දක්වා වර්ධනය වන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ. මේ වන විටත් ජනගහන වර්ධනය පහළ බැස ඇති Germany, Italy සහ South Korea වැනි රටවලට වඩා වැඩි ජනගහන ස්ථායීතාවයක් පවත්වා ගැනීමට ඕස්ට්‍රේලියාවට මෙයින් හැකියාව ලැබී තිබෙනවා.
එමෙන්ම ඉදිරි වසර 40 තුළ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වසරකට සාමාන්‍යයෙන් 2%ක මට්ටමකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, 2065-66 වන විට රටේ ඒක පුද්ගල ආදායම 55%කින් ඉහළ යනු ඇති. මීට අමතරව කාන්තාවන්ගේ ආයු කාලය වසර 89.5 දක්වාත්, පිරිමින්ගේ ආයු කාලය වසර 86.1 දක්වාත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
නමුත් ජනගහනය වයස්ගත වීම හමුවේ වයස අවුරුදු 65ට වැඩි පිරිස දෙගුණයකින් සහ 85ට වැඩි පිරිස තෙගුණයකින් ඉහළ යන බවයි අනාවරණය වන්නේ. Artificial Intelligence තාක්ෂණයේ දියුණුව, බලශක්ති පරිවර්තනය සහ ගෝලීය භූ-දේශපාලනික අස්ථාවරත්වයන් හමුවේ ඉදිරි දශක කිහිපය තුළ ප්‍රධාන ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බව ඕස්ට්‍රේලියානු රජය නිකුත් කළ මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.



