ඕස්ට්‍රේලියානු රජය විසින් සූදු නීති සංශෝධන පිළිබඳ තීරණාත්මක සෙනෙට් කමිටු වාර්තාවක් නිකුත් කිරීමට මෙහොතකට පෙර, සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා.

සූදුවට පෙළඹවීම් සීමා කිරීම සහ සූදු දැන්වීම් නතර කිරීමට Spam ඇමතුම් සඳහා වන "Do Not Call" පද්ධතියට සමාන එකම ස්ථානයකින් ලියාපදිංචි විය හැකි "opt-out register" එකක් හඳුන්වා දීම මෙම සංශෝධන අතර වෙනවා. සූදු සමාගම් මගින් අයකරන බද්දකින් මෙහි පිරිවැය පියවා ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත්, සඳුදා රාත්‍රියේ නිකුත් වූ සෙනෙට් කමිටු වාර්තාව මගින් Greens පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී David Pocock ඇතුළු පිරිස රජයේ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කර සිටිනවා. ඔවුන් පවසන්නේ ක්‍රීඩාව සහ සූදුව අතර ඇති සබඳතාව බිඳ දැමීමට හෝ ළමයින් සූදුවට නිරාවරණය වීම වැළැක්වීමට මෙම පියවර ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත්, Greens පක්ෂයේ සහය ලබාගැනීමේ අරමුණින් ගෙන ආ මෙම සංශෝධන සහිත පනත් කෙටුම්පත මෙයින් ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.