ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා 15°C කින් පමණ ඉහළ යනු ඇති බවට කාලගුණ විද්‍යා කාර්යාංශය ආයතනය අනතුරු අඟවනවා. මේ හේතුවෙන් Sydney, Melbourne සහ Hobart වැනි ප්‍රධාන නගරවල උෂ්ණත්වය වසර ගණනාවකට පසු සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඉහළම අගයන් දක්වා ළඟා වීමට ඉඩ තිබෙනවා.
කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ Dean Narramore පවසන්නේ සඳුදා සහ අඟහරුවාදා දිනවල උෂ්ණත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබුණත්, බදාදා සිට නැවතත් තද රශ්මියක් සහිත කාලගුණයක් ඇතිවන බවයි.
South Australia සහ Northern Territory: උෂ්ණත්වය 35°C සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. Adelaide නගරයේද 30°C ඉක්මවූ රශ්මියක් පැවතිය හැක.
Victoria සහ Tasmania: Sunday දින Melbourne සහ Hobart නගරවල උෂ්ණත්වය 27°C දක්වා ඉහළ ගියත්, සඳුදා වන විට එය අංශක 14-15 දක්වා සීඝ්රයෙන් පහළ යනු ඇත.
NSW, Queensland සහ Western Australia: වෙරළබඩ ප්‍රදේශවල තරමක් පහළ උෂ්ණත්වයක් පැවතියද, ඉදිරි සති අන්තය වන විට වියළි කාලගුණයක් පවතිනු ඇත. Sydney සහ Brisbane නගරවලට අතරමැදි වශයෙන් වැසි තත්ත්වයක්ද අපේක්ෂා කෙරේ.
ඉදිරි සතිය පුරාම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි උණුසුම් කාලගුණයක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



