ඕස්ට්‍රේලියාව තුළ ඇමෙරිකානු හමුදා බලඇණි සහ යුධ කඳවුරු නියෝජනය තවදුරටත් පුළුල් කිරීමට දෙරට අතර එකඟතාවක් ඇති වී තිබෙනවා.

Washington DC හිදී ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය Richard Marles සහ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. Indo-Pacific කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙම පියවර අතිශය වැදගත් වන බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

නව සංශෝධනවලට අනුව Perth නගරය ආසන්නයේ පිහිටි HMAS Stirling නාවික හමුදා කඳවුරේ ඇමෙරිකානු Submarine ක්‍රියාකාරකම් වෙනුවෙන් ලබන වසරේ සිට ඇමෙරිකානු නාවික හමුදා සෙබළුන් දහසක් පමණ අලුතින් අනුයුක්ත කිරීමට නියමිතයි.

එමෙන්ම AUKUS ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාවට Virginia-class Submarines ලබාගැනීමේ සැලසුම නියමිත පරිදි සිදුවන බවද ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කර සිටියා.

මේ අතර ඕස්ට්‍රේලියාව තුළ AI තාක්ෂණය සහ Data Centres සංවර්ධනය සඳහා ඇමෙරිකානු ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වල ආයෝජන ලබාගැනීම සම්බන්ධයෙන්ද ආරක්ෂක අමාත්‍යවරයා San Francisco හිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.