Palau හි පැවැත්වෙන Pacific Islands Forum සමුළුවේදී, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හමුවේ ඕස්ට්‍රේලියාව ප්‍රමාණවත් පියවර ගෙන නැති බවට Tuvalu සහ Vanuatu හි දේශගුණික විපර්යාස අමාත්‍යවරුන් චෝදනා කර තිබෙනවා.
Tuvalu අමාත්‍ය Maina Talia පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් තම රට දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, මීට පෙර වසර 100 කින් සිදුවනු ඇතැයි අනුමාන කළ බලපෑම් ඉදිරි වසර 10 ඇතුළත සිදුවීමේ දැඩි තර්ජනයක් මතුව ඇති බවයි.
එමෙන්ම Vanuatu අමාත්‍ය Ralph Regenvanu සඳහන් කළේ ලොව ප්‍රධානතම පොසිල ඉන්ධන නිෂ්පාදකයෙකු වන ඕස්ට්‍රේලියාව, නව ගල් අඟුරු සහ ගෑස් ව්‍යාපෘති ව්‍යාප්ත කිරීම වහාම නතර කළ යුතු බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනා හමුවේ ප්‍රතිචාර දක්වමින් ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese කියා සිටියේ, තම රජය පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් විශාල කැපවීමක් කර ඇති බවත්, බලශක්ති සංක්‍රමණය සඳහා යම් කාලයක් ගතවන බව පැසිෆික් කලාපීය නායකයන් වටහාගෙන ඇති බවත්ය



