ඇමරිකා එක්සත් ජනපදය විසින් ඩීසල් අපනයන තහනමක් පැනවුවහොත්, ඉදිරි සති කිහිපය තුළ ඔස්ට්‍රේලියාව තුළ ඩීසල් සීමා කිරීමට සිදුවිය හැකි බවත්, ඩීසල් ලීටරයක මිල ඩොලර් 4 ඉක්මවා යා හැකි බවත් ප්‍රධාන පෙළේ බලශක්ති විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති Donald Trump විසින් ඩීසල් අපනයන තහනමක් පැනවීමේ අදහසට සහය පළ කර ඇති අතර, ලෝකයේ විශාලතම ඩීසල් ආනයනකරුවෙකු වන ඕස්ට්‍රේලියාවට මෙහි දැඩි බලපෑමක් එල්ල විය හැකි බව MST Marquee ආයතනයේ බලශක්ති පර්යේෂණ ප්‍රධානී Saul Kavonic පවසනවා.

කෘෂිකාර්මික සහ පතල් කර්මාන්ත සඳහා ඩීසල් විශාල පරිමාණයෙන් භාවිත කරන ඔස්ට්‍රේලියාවට, ගෝලීය වෙළඳපොළේ ඇතිවන මෙම තත්ත්වය හමුවේ ජාතික ඉන්ධන සුරක්ෂිතතා සැලැස්ම යටතේ දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.