ආහාර පිසීම, නිවාස පිරිසිදු කිරීම, සාප්පු යාම සහ දරුවන් රැකබලා ගැනීම ඇතුළු වැටුප් නොලබන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානුවන් වසරකට පැය බිලියන 31ක් පමණ වැය කරන බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.
Australian Bureau of Statistics දත්ත විශ්ලේෂණය කළ e61 Institute ආර්ථික විශේෂඥ Gianni La Cava පෙන්වා දෙන්නේ, 2024 වසරේ සියලුම වැටුප් සහිත කර්මාන්තවල සේවය කළ මුළු පැය ගණනට වඩා මෙය 1.3 ගුණයකින් වැඩි බවයි.
සතියකට කාන්තාවන් සාමාන්‍යයෙන් පැය 30.45ක්ද, පිරිමින් පැය 21.87ක්ද වැටුප් නොලබන වැඩ සඳහා වැය කරන බව හෙළි වී තිබෙනවා. කාන්තාවන් නිවාස කටයුතු සහ සාප්පු යාම සඳහා සතියකට පැය 20.59ක් වැය කරන අතර, පිරිමින් ඒ සඳහා වැය කරන්නේ පැය 15.67ක් පමණයි.
Mandala ආයතනයේ වෙනම අධ්‍යයනයකට අනුව, වැටුප් නොලබන වැඩවලින් 25%ක් ආහාර පිසීම සහ සූදානම් කිරීම සඳහාත්, 21%ක් ගෘහස්ථ කටයුතු සඳහාත්, 20%ක් දරුවන් රැකබලා ගැනීම සඳහාත් වැය වනවා.
මෙම නොමිලේ සිදුකරන වැඩවල ආර්ථික වටිනාකම වසරකට ඩොලර් ට්‍රිලියන 1.1ත් 1.6ත් අතර වන අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 40%ත් 58%ත් අතර ප්‍රමාණයක් බවට ඇස්තමේන්තු කර තිබෙනවා.



