Wall Street කොටස් වෙළඳපොළේ වාර්තා වූ ඉහළ යාම හමුවේ වුවද, පතල් සහ බලශක්ති ක්ෂේත්‍රයේ සමාගම්වල කොටස් මිල පහත වැටීම හේතුවෙන් ඕස්ට්‍රේලියා කොටස් වෙළඳපොළේ පසුබෑමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ASX 200 දර්ශකය ප්‍රසාද ලකුණු 14.20 කින් පහත වැටී 9005.90 ක් ලෙස සටහන් වූ බව සඳහන්. මෙරට පොලී අනුපාත නැවත ඉහළ දැමීමේ හැකියාවක් පවතින බවට පළවන තක්සේරු කිරීම් හමුවේ US ඩොලරයට සාපේක්ෂව ඕස්ට්‍රේලියා ඩොලරයේ අගයද යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

WiseTech Global සහ NextDC වැනි තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වල කොටස් මිල ඉහළ ගියද, BHP, Woodside සහ Nine Entertainment වැනි දැවැන්ත සමාගම්වල කොටස් මිල පහත වැටීම වෙළඳපොළ පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ.