ඕස්ට්‍රේලියාවේ ලිපි බෙදාහැරීමේ දින ගණන තවදුරටත් අඩුවිය හැකි බව Australia Post ආයතනය පවසනවා. පාර්සල් බෙදාහැරීමේ ව්‍යාපාරය ඉහළ ගියද, ලිපි හුවමාරුව ශීඝ්‍රයෙන් පහත වැටීම මීට ප්‍රධාන හේතුවයි.
පසුගිය ජූනි 30න් අවසන් වූ වසර තුළ පාර්සල් සහ සේවා ආදායම ඩොලර් බිලියන 8.01ක වාර්තාගත මට්ටමකට පැමිණ තිබෙනවා. එමෙන්ම ලිපි බෙදාහැරීමෙන් සිදු වූ පාඩුව ඩොලර් මිලියන 63.2 දක්වා අඩු කරගැනීමටද ඔවුන්ට හැකිවුණා. පෙර වසරේ එම පාඩුව ඩොලර් මිලියන 230ක්.
දින දෙකකට වරක් ලිපි බෙදාහැරීම, ලිපි ප්‍රමාණය සියයට 15කින් පමණ අඩුවීම සහ මුද්දර ගාස්තුව ඩොලර් 1.70 දක්වා ඉහළ දැමීම මෙම පාඩුව අවම කරගැනීමට උපකාරී වී තිබෙනවා. මෙම නව ක්‍රමවේදය හරහා පමණක් ගතවූ මාස 12 තුළ ඩොලර් මිලියන 188.3ක මුදලක් ඉතිරි කරගැනීමට සමගමට හැකිවුණා.
Denmark රාජ්‍යය මෙන් ලිපි බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමේ ආසන්න සැලසුමක් නොමැති බව Australia Post ප්‍රධාන විධායක Paul Graham මහතා සඳහන් කළා. කෙසේ වෙතත්, ඉදිරියේදී ලිපි බෙදාහැරීම දින තුනකට වරක් සහ අවසානයේ සතියකට එක් වරක් දක්වා සීමා වීමට ඉඩ ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.



