ඕස්ට්‍රේලියාවේ ASIO (Australian Security Intelligence Organisation) බුද්ධි ඒජන්සියට හිමිව තිබෙන මතභේදාත්මක ප්‍රශ්න කිරීමේ බලතල තවත් වසර 3 කට දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව පියවරගෙන තිබෙනවා. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව හඳුන්වා දුන් මෙම නීති මගින් ඕනෑම පුද්ගලයෙකුගෙන් බලහත්කාරයෙන් තොරතුරු ලබාගැනීමට ASIO වෙත බලය ලැබෙනවා.
මෙම පනත Labor සහ Coalition පක්ෂවල සහයෙන් සම්මත වුවත්, Liberal පක්ෂයේ Senator Alex Antic, Senator Andrew McLachlan, One Nation හි Malcolm Roberts සහ Greens පක්ෂය ඊට දැඩි ලෙස විරෝධය පළකළා. පෞද්ගලික නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට මෙයින් දැඩි තර්ජනයක් එල්ල වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ASIO ආයතනය පවසන්නේ අන්තවාදය, ඔත්තු බැලීම් , දේශපාලනික ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා ඉහළ යාම හමුවේ මෙවැනි බලතල අත්‍යවශ්‍ය බවයි. මෙම නීති ගතවූ වසර 20 ක කාලය තුළ භාවිතා කර ඇත්තේ 20 වතාවක් පමණක් බවත්, එය ඉතා පරිස්සමෙන් භාවිතා කරන මෙවලමක් බවත් ASIO ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.



