Archerfield ගුවන් තොටුපොළින් ගුවන්ගත වූ සැහැල්ලු ගුවන් යානයක් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් Chambers Flat හි Musch මාර්ග ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
අද පෙරවරු 10.58 ට ගුවන්ගත වූ VH-MPT ලෙස ලියාපදිංචි මෙම Beech A36 Bonanza වර්ගයේ යානය, පෙරවරු 11.06 ට එහි අවසන් ස්ථානය සටහන් කර ඇති අතර ගුවන්ගත වී ඇත්තේ මිනිත්තු 8 ක කාලයක් පමණයි. පසුව පෙරවරු 11.10 ට පමණ යානය කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
යානය තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව හෝ ඔවුන්ට සිදු වූ හානි පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, අදාළ ස්ථානයේ හදිසි මුදවා ගැනීමේ සහ සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි Queensland පොලීසිය සඳහන් කරන්නේ.



