සමාජ මාධ්‍ය හරහා තරුණ පරම්පරාව අතර කාන්තා විරෝධී සහ හිංසාකාරී අන්තර්ගතයන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා algorithms භාවිතය පරිශීලකයාගේ කැමැත්ත මත පමණක් සිදු වන "opt-in" ක්‍රමවේදයකට සකස් කළ යුතු බවට ඕස්ට්‍රේලියාවේ දේශපාලනඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් යෝජනා කරනවා.
Community Strong පාර්ලිමේන්තු මන්ත්‍රී Allegra Spender සහ සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek පෙන්වා දෙන්නේ, දැනට පවතින ක්‍රමවේදය හමුවේ යොවුන් වියේ දරුවෙකු සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කර විනාඩි 23ක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි හිංසාකාරී අන්තර්ගතයන් නිර්දේශ ලෙස ඔවුන් වෙත යොමු වන බවයි.
Teach Us Consent හි නිර්මාතෘ Chanel Contos ද පෙන්වා දෙන්නේ මෙමගින් වයස අවුරුදු 16ක පමණ නව යොවුන් දරුවන්ට ආරක්ෂිතව සමාජ මාධ්‍ය භාවිත කිරීමට ඉඩ සැලසෙන බවයි.
තාක්ෂණික සමාගම් තම ප්ලැට්ෆෝම් මහජනතාවට මුදා හැරීමට පෙර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම අනිවාර්ය කෙරෙන Digital Duty of Care නීති සම්පාදනය කිරීමට ද ඕස්ට්‍රේලියානු රජය මේ වන විට පියවර ගනිමින් සිටිනවා.



