සමාජ මාධ්‍ය algorithm සඳහා පරිශීලකයින්ගේ කැමැත්ත මත පදනම් වූ (opt-in) මාදිලියක් හඳුන්වා දීමට Albanese රජය සූදානම් වීම සම්බන්ධයෙන්, One Nation මන්ත්‍රී Barnaby Joyce සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා.
මෙම නව යෝජනාව මඟින් ජනතාව අන්තර්ජාලය තුළ කතාබහ කරන මාතෘකා පාලනය කිරීමට සහ වාරණයන් පැනවීමට රජය උත්සාහ කරන බවටයි Barnaby Joyce චෝදනා කරන්නේ. මෙම ක්‍රමය යටතේ සමාජ මාධ්‍ය හරහා නිර්දේශිත තොරතුරු (recommended content) පෙන්වීම සීමා වන අතර, පරිශීලකයින් follow කරන ගිණුම්වල සටහන් පමණක් දර්ශනය වීමට නියමිතයි.
කෙසේ වෙතත්, සන්නිවේදන අමාත්‍ය Anika Wells ප්‍රකාශ කළේ මෙය වාරණයක් නොවන බවත්, සමාජ මාධ්‍ය සමාගම් හරහා සිදුවන හානිකර බලපෑම් අවම කර ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත්ය. මෙම පනත සම්මත කරගැනීමට එරෙහිව Coalition සහ One Nation පක්ෂ අදහස් පළ කර ඇති අතර, ආණ්ඩුව මෙම යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



