සමාජ මාධ්‍ය පරිශීලකයින්ට Algorithm ක්‍රියාකාරීත්වය අවශ්‍ය පරිදි අක්‍රිය කිරීමට (Opt-out) අවස්ථාව ලබාදෙන නව පනත් කෙටුම්පතක් මෙම සතියේ ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙනවා.
Digital Duty of Care ලෙස නම් කර ඇති මෙම කෙටුම්පත මගින් සමාජ මාධ්‍ය සමාගම් විසින් Pop-up පණිවිඩ හරහා පරිශීලකයින්ට algorithm භාවිත කරන්නේද නැතහොත් තමන් follow කරන පුද්ගලයින්ගේ සටහන් පමණක් නරඹන්නේද යන්න තීරණය කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. මෙහිදී ළමයින්ට සහ තරුණ පරපුරට හානිකර අන්තර්ගතයන් සහ නීති විරෝධී දේවල් පෙන්වීම වැළැක්වීමට එම සමාගම් පියවර ගත යුතු අතර, නීති උල්ලංඝනය කරන සමාගම්වලට ඩොලර් මිලියන 100කට වැඩි දැවැන්ත දඩ මුදල් පැනවීමටද යෝජනා කර තිබෙනවා.
මෙම නීති මගින් සමාජ මාධ්‍ය නිරීක්ෂණය සඳහා අන්තර්ජාල ආරක්ෂණ කොමසාරිස් සහ ස්වාධීන පර්යේෂකයින්ට විශේෂ බලතල හිමිවන අතර, විපක්ෂ නායක Angus Taylor සඳහන් කළේ පනත නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි. මේ අතර Greens පක්ෂය පවසන්නේ පරිශීලකයින්ට algorithm ලබාගැනීමට කැමැත්ත පළකිරීමේ (Opt-in) ඊටත් වඩා තද නීති පැනවිය යුතු බවයි.



