ඕස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් හමුවේ, සෞඛ්‍යාරක්ෂිත ආහාර මිලදී ගැනීම සඳහා වඩාත්ම ලාභදායී සුපිරි වෙළඳසැල ලෙස Aldi නම් කර තිබෙනවා.
පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින Choice ආයතනය විසින් ප්‍රධාන සුපිරි වෙළඳසැල් හතරක භාණ්ඩ මිල සංසන්දනය කරමින් මෙම නවතම සමීක්ෂණය සිදු කර තිබෙනවා.
ඒ අනුව, සෞඛ්‍යාරක්ෂිත ආහාර ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ එකතුවක් සඳහා Aldi හි වැය වී ඇත්තේ ඩොලර් 28.79ක් පමණක් වන අතර, Woolworths හි මිල ඩොලර් 33.52ක් ලෙසත්, Coles හි මිල ඩොලර් 34.25ක් ලෙසත් සටහන් වී තිබෙනවා. එසේම IGA සුපිරි වෙළඳසැලේ එම මිල ඩොලර් 42.27ක් ලෙස ඉහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



