ඕස්ට්‍රේලියාවේ නව නිවාස අලෙවිය දැවැන්ත ලෙස පහත වැටීමත් සමඟ, මෙරට පවතින උග්‍ර නිවාස අර්බුදය මුල්කරගනිමින් විපක්ෂය Albanese රජයට එරෙහිව දැඩි චෝදනා එල්ල කර සිටිනවා.

නිවාස කර්මාන්ත සංගමයෙහි අලුත්ම දත්ත පෙන්වා දෙන්නේ නව නිවාස අලෙවිය 20%කින් පමණ පහත වැටී ඇති බවයි. Capital Gains Tax (CGT) සහ Negative Gearing සඳහා රජය සිදුකළ බදු සංශෝධන හේතුවෙන් නිවාස වෙළඳපොළ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවටයි Senate විපක්ෂ නායිකා Michaelia Cash චෝදනා කරන්නේ

කෙසේවෙතත්, නිවාස අමාත්‍ය Clare O’Neil මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, නිවාස අනුමැතිය ලබාගැනීම 8%කින් ඉහළ ගොස් ඇති බවත්, පවතින පොලී අනුපාත ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන ලෙස බලපා ඇති බවත්ය.

එහෙත් විපක්ෂය අවධාරණය කරන්නේ, රජයේ විනාශකාරී බදු ප්‍රතිපත්ති හේතුවෙන් ආයෝජකයින් වෙළඳපොළෙන් ඉවත් වෙමින් පවතින අතර, ඉදිරියේදී බලයට පත්වුවහොත් මෙම බදු සංශෝධන සියල්ල අහෝසි කරන බවයි.