Albanese රජය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ ජාතික ගෑස් ප්‍රතිපත්තියේ ඇතැම් කොන්දේසි ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගෑස් අපනයනකරුවන් විසින් තමන් අපනයනය කරන ගෑස් ප්‍රමාණයෙන් අවම වශයෙන් 20% ක් දේශීය අවශ්‍යතා සඳහා වෙන්කළ යුතු බවට පැවති කොන්දේසිය,  20% දක්වා නව පනත් කෙටුම්පත මගින් සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම, 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම දේශීය ගෑස් සැපයුම් නීතිය බලාත්මක කිරීමද ඉදිරියට කල් දමා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු බලශක්ති නියාමක අධිකාරිය (AER) මගින් ඉදිරියේදී දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් වෙන්කළ යුතු නිශ්චිත ගෑස් ප්‍රමාණය තීරණය කරනු ඇති. කෙසේවෙතත්, විපක්ෂයෙන් සහ ක්ෂේත්‍රයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන කර්මාන්ත අමාත්‍ය Tim Ayres සහ බලශක්ති අමාත්‍ය Chris Bowen ප්‍රකාශ කළේ, මෙය දේශීය ගෑස් හිඟය මගහරවා ගනිමින් පාරිභෝගිකයන් සහ කර්මාන්තශාලා සුරක්ෂිත කිරීමට ගත් කාලෝචිත පියවරක් බවයි