වසර 25 කට පසු සිය දෙවන 'Threepeat' ජයග්‍රහණය හෙවත් පිට පිට තෙවන මහා ශූරතාවය සොයා යන Brisbane Lions කණ්ඩායම සහ 1995 දී තරගාවලියට එකතු වීමෙන් පසු සිය ප්‍රථම ශූරතාවය අපේක්ෂාවෙන් සිටින Fremantle Dockers කණ්ඩායම අතර පැවැත්වෙන 2026 AFL Grand Final තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

MCG ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම මහා තරගය සෙනසුරාදා පස්වරු 2.30 ට (AEST) ආරම්භ වන අතර, Western Australia සඳහා පස්වරු 12.30 ට සහ South Australia සඳහා පස්වරු 2.00 ට විකාශය ආරම්භ කෙරෙනවා.

තරගය ආරම්භ වීමට පෙර පැවැත්වෙන විශේෂ සංගීත ප්‍රසංගයේදී ඔස්ට්‍රේලියානු පොප් ගායිකා Kylie Minogue පස්වරු 1.30ට වේදිකාවට පැමිණීමට නියමිතයි.මෙය තරගයට පෙර පැවැත්වෙන ප්‍රසංගයක් වන අතර තරගයේ අර්ධ කාලය (Halftime) අතරතුර කිසිදු සංදර්ශනයක් පැවැත්වෙන්නේ නැහැ. මීට අමතරව G Flip, Michael Paynter සහ Mike Brady ද මෙහිදී ප්‍රසංග ඉදිරිපත් කිරීමට නියමිතයි.

තරගය Channel 7 සහ 7Plus හරහා සජීවීව නැරඹිය හැකි අතර, මෙය Kayo හෝ Fox Sports හරහා විකාශය නොවන බව සංවිධායකයින් දැනුම් දෙනවා.