ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා බහුලව භාවිත වන රසායනික ද්‍රව්‍යයක් සහ කුඩා දරුවන්ට වැළඳෙන Autism හා ADHD රෝග ලක්ෂණ අතර සෘජු ජීව විද්‍යාත්මක සම්බන්ධතාවයක් පැවතිය හැකි බව Melbourne හි Florey Brain Research Centre හි පර්යේෂකයන් කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.
DEHP ලෙස හැඳින්වෙන මෙම රසායනිකය ප්ලාස්ටික් නම්‍යශීලී කිරීම සඳහා භාවිත වන අතර, ජල නළ, Rain-proof ඇඳුම් සහ ගෘහස්ත උපකරණ රැසක අඩංගු වනවා. ගැබිනි මව්වරුන් මෙම රසායනිකයට නිරාවරණය වීම නිසා උපදින දරුවන්ගේ DNA වෙනස්කම් සිදුවී, Autism සහ ADHD සඳහා හේතුවන ජාන "ක්‍රියාත්මක" වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි AI තාක්ෂණය ඔස්සේ සිදුකළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ.
මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී ප්ලාස්ටික් සහ නිෂ්පාදිත රසායනික ද්‍රව්‍ය භාවිතය සීමා කිරීමට ලෝක මට්ටමේ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පවා සිදුවිය හැකි බව පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.



