Lithium-ion බැටරි ගිනි නිවීම සඳහා භාවිත කරන උපකරණ සම්බන්ධයෙන් ලබාදී ඇති ඇතැම් තොරතුරු නොමඟ යවන සුළු බවට අනාවරණය වීමත් සමඟ ඒවා වෙනස් කිරීමට Australian Competition and Consumer Commission පියවර ගෙන තිබෙනවා. එම ගිනි නිවන උපකරණ සඳහා මෙතෙක් ඔස්ට්‍රේලියානු ප්‍රමිති සහතික ලබාදී නොමැති බවයි ACCC ආයතනය පෙන්වා දෙන්නේ.
එමෙන්ම Lithium-ion බැටරි ගිනිගැනීම්වලදී පිටවන විෂ වායු සහ අධික අවදානම හේතුවෙන්, මෙම උපකරණ සාමාන්‍ය මහජනතාවට භාවිත කිරීම සුදුසු නොවන බවත්, ඒවා පුහුණුව ලත් ගිනි නිවන භටයින් සඳහා පමණක් භාවිත කළ යුතු බවත් අවධාරණය කෙරෙනවා.
E-scooters, Mobile phones ඇතුළු මෙවලම් රැසක Lithium-ion බැටරි අඩංගු වන අතර, ඒවායේ ගිනිගැනීමක් සිදුවුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වී හදිසි ඇමතුම් අංශ අමතන ලෙසයි බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ



