දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන් විදේශගත කිරීමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 7.3 කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ ඕස්ට්‍රේලියානු බලශක්ති අමාත්‍ය Chris Bowen වෙත විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල වී තිබෙනවා.
විපක්ෂ නියෝජ්‍ය නායිකා Jane Hume චෝදනා කරන්නේ, ජනතාව අධික විදුලි බිල්පත් ගෙවා ගැනීමට නොහැකිව අසීරුතාවයට පත්ව සිටින මොහොතක බලශක්ති අමාත්‍යවරයා මෙය තමන්ගේ පෞද්ගලික ප්‍රචාරණ කටයුත්තක් ලෙස භාවිත කරන බවයි. මෙලෙස වැය කර ඇති මුදලින් වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාව වෙත හිමි නොවූ COP31 සමුළුවේ සන්දර්ශකත්වය ලබා ගැනීමට දැරූ ප්රයත්නයන් සඳහා වැය කර ඇති බවද හෙළිවී තිබෙනවා. FOI වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු දක්වා වූ මාස 8 ක කාලය තුළ පමණක් නිලධාරීන් 107 දෙනෙකු රටවල් 31 ක සංචාර 156 ක් සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය Mark Butler මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡා පැවැත්වුවද, ජාත්‍යන්තර සබඳතා සහ පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සෘජු හමුවීම් අත්‍යවශ්‍ය වන බවයි. එමෙන්ම විදේශ සංචාර සඳහා අනුමැතිය ලබාදීමේදී බදු මුදල් ආරක්ෂා වන පරිදි දැඩි පරික්ෂාවකින් පසුව නියෝජිත පිරිස් සීමා කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



