Queensland හි Blackall-Isisford මාර්ගය ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩමකින් ඩොලර් මිලියන 1.7කට වඩා වටිනා Dorper වර්ගයේ බැටළුවන් 5,500කට අධික සංඛ්‍යාවක් සොරාගෙන තිබෙනවා.
පසුගිය පෙබරවාරි සහ මැයි මාස අතර කාලය තුළ මෙම මහා පරිමාණ සොරකම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සොරා ගන්නා ලද සෑම බැටළුවෙකුගේම කන් වල සුදු පැහැති National Livestock Identification System (NLIS) ටැග් සවි කර ඇති බව පොලිසිය පවසනවා.
මෙම ප්‍රදේශය තුළ සැකකටයුතු ලෙස සතුන් හෝ ගව/බැටළු ප්‍රවාහන රථ ගමන් කරනු දුටු අය සිටී නම් වහාම දැනුම් දෙන ලෙස Rural and Stock Crime Squad හි පරීක්ෂකවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ග්‍රාමීය Queensland ප්‍රදේශවල සිදුවන මෙවැනි සතුන් සොරාගැනීම් ගොවි ව්‍යාපාරවලට දැඩි ආර්ථික පහරක් බව පවසන පොලිසිය, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ තීව්ර කර තිබෙනවා.



