මගීන් 243 දෙනෙකු රැගෙන ගමන් කරමින් තිබූ ඉන්දුනීසියානු මගී නෞකාවක් Java Sea හිදී අයහපත් කාලගුණයට හසුව අතුරුදහන් වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 140 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.
Virgo Transport 8 නම් මෙම නෞකාව East Java හි Surabaya නගරයේ සිට South Kalimantan හි Banjarmasin දක්වා ධාවනය වෙමින් තිබියදී අද අලුයම 2.00 ට පමණ පාලන මැදිරිය සමඟ පැවැති සබඳතා බිඳවැටී ඇති බවයි Banjarmasin හි Search and Rescue Office හි ප්රධානී Putu Sudayana සඳහන් කළේ.
අනතුරට ලක්වූවන් මුදාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා සහ මුදාගැනීමේ නෞකා යොදවා ඇති අතර, මේ වන විට වෙනත් නෞකා ආධාරයෙන් මගීන් 103 දෙනෙකු බේරාගැනීමට හැකිව තිබෙනවා. අතුරුදහන් වූ පිරිස සෙවීම සඳහා බලධාරීන් සහ නාවික හමුදාව එක්ව දැවැන්ත සෙවුම් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



