Elon Muskගේ SpaceX සමාගමට අයත් 52m ක් දිගැති Starship රොකට්ටුව ඉන්දියානු සාගර කලාපයට කඩා වැටීමෙන් පසු සාර්ථකව ගොඩගෙන තිබේ. Western Australia හි north-west දෙසින් පිහිටි remote territory එකක් වන Christmas Island වෙරළ තීරයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ මෙම රොකට්ටුව, SpaceX Recovery කණ්ඩායම විසින් දින 24ක මෙහෙයුමකින් පසු ගොඩබිම දෙසට tow කරගෙන ඇති බව වාර්තා වෙනවා.
රොකට්ටුවේ වැඩිදුර පරික්ෂණ සඳහා විශේෂ SpaceX engineers කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමට නියමිත අතර, අනතුරුව එය Starbase වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.
මෙම දුර්ලභ සිදුවීම දැකබලා ගැනීමට Christmas Island හි locals විශාල පිරිසක් coastline එකට රැස්ව සිටි අතර, චන්ද්රිකා සහ අඟහරු මෙහෙයුම් සඳහා නැවත භාවිතා කළ හැකි පරිදි නිපදවා ඇති මෙම Starship රොකට්ටුව මෙලෙස විනාශ නොවී ආරක්ෂිතව මුහුදේ පාවෙමින් තිබීම විශේෂත්වයක්.
මීට පෙරද Australia කලාපයට මෙලෙස space debris කඩා වැටී ඇති අතර, 2023 වසරේදී Perth නගරයට 250kmක් උතුරින් වූ වෙරළ තීරයකට ISRO සමාගමේ රොකට් කොටසක් සහ 1979 වසරේදී NASA හි Skylab හි කොටස් Esperance සහ Balladonia ප්රදේශවලට කඩා වැටීමේ සිදුවීම් වාර්තා වී තිබේ.



