ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ Melbourne සහ Sydney ඇතුළු ප්‍රදේශ රැසක නිවාස අශ්‍රිතව Bogong වර්ගයට අයත් සලබයන් (Bogong moths) විශාල වශයෙන් ගැවසීමේ සිද්ධියක් වාර්තා වනවා. වසර 10කට පමණ පසු මෙතරම් විශාල සලබයන් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
Bogong Watch ව්‍යාපෘතියේ කළමනාකාරිනී Linnea Emneby සඳහන් කරන්නේ, කඳුවැටි දෙසට සිදුකරන වාර්ෂික සංක්‍රමණය අතරතුර හමූ තද වයඹදිග සුළං හේතුවෙන් මෙම සංක්‍රමණ රටාව වෙනස් වී ඇති බවයි. 2017 වසරේ පැවැති නියඟයෙන් පසුව මෙලෙස විශාල වශයෙන් Bogong සලබයන් දැකගැනීමට ලැබීම හොඳ ප්‍රවණතාවයක් වුවත්, කාලගුණ විපර්යාස නිසා ග්‍රීෂ්ම කාලීන වාසස්ථාන උණුසුම් වීම සහ කෘත්‍රිම ආලෝකයන්ට ආකර්ෂණය වීම නිසා මෙම සතුන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බව ඇය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, දින කිහිපයකින් මෙම Bogong සලබයන් එම ප්‍රදේශවලින් ඉවත් වී යනු ඇති බවයි වාර්තා වන්නේ.



