New South Wales හි Hume Highway හි සිදු කළ හදිසි රථවාහන පරීක්ෂාවකදී, කංසා 79kg ක් රැගත් කසළ මලු 10 ක් සමඟ පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

South West Slopes ප්‍රදේශයේ Bookham හිදී Yass Highway Patrol නිලධාරීන් විසින් අඟහරුවාදා උදෑසන මෙම වාහනය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි වීදි වටිනාකම ඩොලර් 840,000 කට අධික බව පොලිසිය පවසනවා.

පරීක්ෂාවේදී 44 හැවිරිදි රියදුරු කොකේන් භාවිත කර ඇති බවට තහවුරු වීමත් සමඟ වාහනය පරීක්ෂා කර මෙම කංසා තොගය සොයාගෙන තිබෙනවා. සැකකරු Yass පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇති අතර, ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.