ඕස්ට්‍රේලියා රජය විසින් Working Holiday Maker වීසා ක්‍රමවේදයට හඳුන්වා දුන් නව සංශෝධන හේතුවෙන්, බොහෝ විදේශීය තරුණයින් ප්‍රාදේශීය ප්‍රදේශවල රැකියාවල නිරත වීම අතහැර ප්‍රධාන නගර වෙත යොමු වෙමින් සිටින බව වාර්තා වනවා. නව ක්‍රමවේදය යටතේ දෙවන සහ තෙවන වසර සඳහා වීසා ලබා ගැනීමට නියමිත පරිදි ප්‍රාදේශීය රැකියා කළ යුතු වුවද, මීට පෙර පැවති වීසා සංඛ්‍යාව විශාල ලෙස සීමා කරමින් අහඹු තේරීමේ ක්‍රමයක් හඳුන්වාදීම මීට ප්‍රධාන හේතුවයි.
දෙවන සහ තෙවන වසර සඳහා වීසා ස්ථිර ලෙස නොලැබෙන්නේ නම් මාස කිහිපයක් ප්‍රාදේශීය ප්‍රදේශවල අපහසු රැකියාවල නිරත වීම ඵලක් නොවන බවත්, ඒ වෙනුවට තමන්ට හිමි කාලය Brisbane හෝ Adelaide වැනි ප්‍රධාන නගරවල ගත කිරීමට බලාපොරොත්තු වන බවත් සංචාරකයින් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත්, UK වැසියන්ට මෙම සීමාව බලනොපාන අතර අනෙකුත් රටවල සංචාරකයින්ට පමණක් මෙය බලපෑම් එල්ල කර තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ප්‍රාදේශීය සංචාරක කර්මාන්තයට දැඩි පහරක් එල්ල වන බවට National පක්ෂයේ සංචාරක කටයුතු පිළිබඳ විපක්ෂ භාර අමාත්‍යවරයා වන David Littleproud අනතුරු අඟවනවා. කෙසේ වෙතත්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ වීසා පද්ධතියේ විනිවිදභාවය සහ තිරසාරභාවය වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.



