ඕස්ට්‍රේලියාවේ නිකුත් කරන skilled visa අයදුම්පත් ක්‍රියාවලිගත කිරීමේ ප්‍රමුඛතා පටිපාටිය වෙනස් කිරීමට මෙරට රජය පියවර ගෙන තිබෙනවා. Ministerial Direction 121 යටතේ බලපැවැත්වෙන මෙම නව සංශෝධනය 2026 සැප්තැම්බර් 19 වනදා සිට ක්‍රියාත්මක වන අතර, එය අලුතින් ඉදිරිපත් කරන මෙන්ම දැනට විමර්ශනය වෙමින් පවතින අයදුම්පත් සඳහාද අදාළ වන බවයි වාර්තා වන්නේ.

නව ක්‍රමවේදයට අනුව, ඉදිකිරීම් , සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මාන්ත, මත්ස්‍ය හා සම්පත් යන ක්ෂේත්‍රවලට අදාළ අයදුම්පත් සඳහා ඉහළම ප්‍රමුඛතාව හිමිවනු ඇති. මීට අමතරව ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හා නීතිය බලාත්මක කිරීමේ අංශවලට සම්බන්ධ අයදුම්පත් සඳහාද මෙම ප්‍රමුඛතාව හිමිවන බව ස සඳහන්.

දෙවනුව, ඕස්ට්‍රේලියාවේ තුළ සිටියදී ඉදිරිපත් කළ අයදුම්පත් සඳහා ප්‍රමුඛතාව ලැබෙන අතර, විදේශයන්හි සිට අයදුම් කළ අයදුම්පත් සලකා බලනු ලබන්නේ ඊට පසුවයි. කෙසේ වෙතත්, මෙමගින් වීසා ලබාගැනීමේ සුදුසුකම් වෙනස් නොවන අතර, අයදුම්පත් පරිශීලනය කරන අනුපිළිවෙල පමණක් වෙනස් වන බවයි ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.