ඕස්ට්‍රේලියාවේ ඉදිරි වසර 40 තුළ සිදුවන ජනගහන වර්ධනය හෝ සංක්‍රමණිකයන්ගේ අඩුවීම මෙරට ජනතාවගේ ජීවන තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල නොකරනු ඇති බව Intergenerational Report හි නවතම වාර්තා පෙන්වා දෙනවා. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට අනුව ඉහළ සංක්‍රමණ මට්ටම සහ අඩු සංක්‍රමණ මට්ටම යන තත්ත්වයන් දෙකෙහිදීම එක් පුද්ගලයෙකුගේ දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස පවතින්නේ ඩොලර් 400 ක වැනි සුළු මට්ටමකයි.
කෙසේ වෙතත්, සංක්‍රමණිකයන් පැමිණීම අඩු වුවහොත් මෙරට වයස්ගත වන ජනගහනයට සහනයක් සැලසීම සඳහා රජයට බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීමට සිදුවනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. සංක්‍රමණිකයන් සීමා කළ යුතු බවට Coalition සහ One Nation ඇතුළු විපක්ෂය නගන චෝදනා හමුවේ, භාණ්ඩාගාරික Jim Chalmers සඳහන් කළේ 2028 වන විට වාර්ෂික සංක්‍රමණය 225,000 දක්වා වගකීම් සහගත ලෙස පහත හෙළීමට රජය කටයුතු කරන බවයි.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ ජනගහන ප්‍රමාණයට වඩා රටේ ශ්‍රම ඵලදායීතාව හෙවත් නිෂ්පාදනශීලීත්වය ඉහළ නැංවීම මගින් ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ස්ථාවරව පවත්වා ගැනීමට හැකිවන බවයි



