ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන් සීමා කිරීමේ පියවරක් ලෙස සංචාරක ශ්‍රමික වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස මන්දගාමී කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
පසුගිය වසරේදී සංචාරක ශ්‍රමික වීසා තුන්ලක්ෂ විසිඑක්දස් එකසිය දහසයක් නිකුත් කර තිබූ අතර, එය ඊට පෙර වසරට වඩා සැලකිය යුතු ඉහළ යාමක්. කෙසේ වෙතත්, Argentina, Chile, Spain, Poland, Thailand සහ Malaysia ඇතුළු රටවල් 24 කින් ලැබෙන අයදුම්පත් පරීක්ෂා කිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි අමාත්‍ය Burke සඳහන් කළේ.
එමෙන්ම විදේශයන්හි සිට ඉල්ලුම් කරන ස්ථිර වීසා වෙනුවට ඕස්ට්‍රේලියාව තුළ සිටින පුද්ගලයන්ට මුල් තැන දීමට ද තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම හදිසි තීරණය හේතුවෙන් විදේශීය ශ්‍රමිකයන් මත පදනම් වූ සංචාරක, හෝටල් සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතර One Nation සහ Coalition පක්ෂ සංක්‍රමණිකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු කිරීමට යෝජනා කළද, ප්‍රාදේශීය ප්‍රදේශවල පවතින ඉල්ලුම නිසා සංචාරක ශ්‍රමික වීසා කප්පාදු නොකරන බව ප්‍රකාශ කර තිබෙනවා.



