ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Tony Burke විසින් හඳුන්වා දුන් නව සංක්‍රමණික පාලන නීති හේතුවෙන්, ගෘහස්ථ හිංසනයට ලක්වන විදේශික කාන්තාවන් දැඩි අවදානමකට ලක්විය හැකි බවට පර්යේෂකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.
නව නීති මඟින් වීසා කාලය ඉක්මවා රැඳී සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වේගවත් කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, සාපරාධී සහකරුවන් විසින් වීසා තොරතුරු සඟවා තැබීම නිසා තමන් නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටින බව පවා නොදන්නා විදේශික කාන්තාවන් රැසක් මේ හරහා අසාධාරණ ලෙස දඬුවම් ලැබීමේ තර්ජනයට මුහුණ දී සිටිනවා.
විශේෂයෙන්ම, තමන්ට එරෙහිව පියවර ගන්නා ලෙස Home Affairs දෙපාර්තමේන්තුවට පැමිණිලි කර පිටුවහල් කරවන බවට තර්ජනය කරමින්, හිංසනයන් සිදුකරන පුද්ගලයන්ට කාන්තාවන් පාලනය කිරීමට මෙමගින් වැඩි බලයක් ලැබෙන බවයි Melbourne University හි මහාචාර්ය Marie Segrave පෙන්වා දෙන්නේ.
එබැවින් මෙම නව සංක්‍රමණික සංශෝධන හමුවේ ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා Albanese රජය වහාම විධිමත් වීසා සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට බලධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වනවා.



