ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු කිරීමට Labor රජය ගෙන ඇති තීරණයත් සමඟ මෙරට දේශපාලන කරළිය උණුසුම් වී තිබෙනවා. රජයේ මේ පියවර දැඩි ලෙස විවේචනය කරමින් විපක්ෂ නියෝජ්‍ය නායිකා Jane Hume ප්‍රකාශ කළේ, Labor රජය සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
working holidaymakers, ජාත්‍යන්තර සිසුන් සහ පවුල් වීසා සීමා කිරීමට Labor රජය සැලසුම් කර තිබුණත්, එමගින් regional ප්‍රදේශවල ව්‍යාපාර සහ කෘෂිකාර්මික ක්ෂේත්රවලට දැඩි බලපෑමක් එල්ල වන බවට Hume චෝදනා කරනවා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය Mark Butler රජයේ තීරණය සාධාරණීකරණය කරමින් කියා සිටියේ ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා සහ කෘෂිකර්මාන්තය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතරම, සංක්‍රමණිකයන් ප්‍රමාණය සමබර කර ගැනීමට මෙම පියවර ගත් බවයි.



