ඕස්ට්‍රේලියාවේ 2026-27 වසර සඳහා වන skilled migration වැඩසටහන්වල නවතම තොරතුරු සහ සංශෝධන කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව Tasmania ප්‍රාන්තය සඳහා හිමිවූ nomination ප්‍රමාණය 2,050 දක්වා ඉහළ ගොස් ඇති අතර, Skilled Nominated visa (subclass 190) සඳහා 1,250ක් සහ Skilled Work Regional visa (subclass 491) සඳහා 800ක් වෙන්කර තිබෙනවා. මෙම නව වැඩසටහන සඳහා Registrations of Interest භාරගැනීම 2026 අගෝස්තු 17 වනදා සිට ආරම්භ වන අතර, අගෝස්තු 20 සිට සතිපතා ඇරයුම්පත් නිකුත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, මෙවර විදේශීය අයදුම්කරුවන් සඳහා Subclass 491 යටතේ ඇරයුම්පත් නිකුත් නොකරන නමුත් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත වෘත්තිකයන්ට Subclass 190 සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව පවතිනවා.

මේ අතර ACT ප්‍රාන්තය විසින් Canberra Matrix සහ nomination අයදුම්පත් සඳහා වඩාත් පහසු නව Migration Application portal එකක් ජූලි 30 වනදා සිට හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම වීසා කාලය ඉකුත්වීම වැනි හදිසි අවස්ථාවලදී භාවිත කළ හැකි expedited nomination processing පහසුකමද ACT මගින් ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ අවසන් nomination allocation ප්‍රමාණය සහ නව occupation list එක ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අනෙක් පසින් Queensland ප්‍රාන්තයේ 2026-27 Skilled Migration වැඩසටහන සඳහා තවමත් nomination allocation ලැබී නොමැති බැවින් එය තවමත් ආරම්භ වී නොමැති නමුත් ජූලි 1 වනදා සිට අයදුම්පත් ගාස්තු ඉහළ දමා තිබෙනවා. එමෙන්ම Far North Queensland (FNQ DAMA) යටතේ Employer Nomination Scheme visa (subclass 186) සඳහා වන සමහර endorsement ගාස්තු 50%කින් පහත හෙලා ඇති අතර, Aged care ක්ෂේත්‍රයට අදාළ රැකියා අවස්ථා සඳහාද තවදුරටත් ඉල්ලුම් කිරීමට හැකියාව පවතිනවා.