දිවංගත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (27) මතුගම පාන්තිය ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළා.