ශ්‍රී ලංකාවේ 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වෙනවා.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 දෙනෙකු ඇතුළුව අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
සියලුම විභාගයන් ආරම්භ වීමට අවම වශයෙන් පැයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසත් විභාග නීතිරීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත් විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් අවශ්‍ය පහසුකම් සැලසීමට ඔවුන් සූදානමින් සිටින බවයි.



