2026 ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

විභාග කටයුතු අවසන් වනතුරු අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම, ප්‍රචාරය කිරීම සහ ප්‍රශ්න ලබාදෙන බවට වන සියලුම ප්‍රචාර සපුරා තහනම් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයනවා.

2026  පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිත අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග කටයුතු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමටද නියමිතයි.