වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව පසුගිය ජූලි මාසයේදි රෝගීන් 29,980 ක් වාර්තා වූ අතර, එය මෙම වසරේදී ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ මාසයද වනවා.
එමෙන්ම ගත වූ පැය 24 තුළදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් 646ක්.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර ඇත්තේ, මින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි.
2026 වසර තුළ දී දැනට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 62ක්.



